Youtube was not block || යු ටියුබ් වසා නැත පොඩි වෙනසක් සිදු කර ඇත

අද උදැසන මා දත කට මැද අතන මෙතන සෝදා තේ බි සුපුරැදු පරිදි www.youtube.com ලෙස කොටා යුටියුබ් ගියද ගියේ නැත. නමුත් මට එතවිටම අදහසක් පහල විය. එයාලා යුටියුබය ආරක්ෂා කරගැනිම SSL ගන්නට ඇතැයි සිතා සුපුරැදු ලිපිනය http;//www.youtube.com වෙනුවට S යොදා httpS://www.youtube.com ලෙස ලිපිනය ලියන තීරැවෙ ලියා Enter බොත්තම එබූ විට මෙන්න බොලේ වැඩේ හරිය. නමුත් යු ටියුබ් මත යැපෙන දස ලක්ෂ ගනනක් වෙබ් අඩවි හිමි කරැවන් අමාරැවෙය . මක් නිසාද යත් පසු ගිය කාලය පුරාවටම යු ටියුබයෙන් ගත් වීඩියෝ වෙනත් කිසිම අඩවියක වැඩ නැත. මෙනිසා එම හැම විඩියෝවකම Embed හො Auto Embed පද්දති නැවත ක්‍රියාත්මක කිරීමට සිදු වෙයි

අනුග්‍රාහක දැන්වීමක්